Empty Ad
AFC Banner
Empty Ad

නාමල්ගේ නීති උපාධියේ ඇත්ත නැත්ත සොයා CID විශේෂ විමර්ශනයක් පොලිස්පති නියෝගයෙන් අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යනුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරන්නේ ‘BostonLanka’ සමාජ මාධ්‍ය ජාලයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් වූ කරුණු අනුව මන්ත්‍රීවරයා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතිඥයින් දෙදෙනෙකුගේ සහාය සහිත ව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ලබාගෙන ඇති බවට ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.

මෙම සංවිධානය විසින් ඉහත සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම කාරණය පිළිබඳ ව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට (14) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?