ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියල් නිශාන්ත මහතා අද දින ධීවර අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තා.
මේ සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාද සහභාගී වී සිටි බවයි ආරංචි මාර්ග සඳහන් කලේ.
සර්ව ආගමික කටයුතු වලින් අනතුරුව සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගත් පියල් නිශාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු වලට විසඳුම් සෙවීමට ජනාධිපති තුමා සමග එක්වී කටයුතු කරන බවත් භූමිතෙල් ඇතුලු ධීවරයින් මුහුණ පා ඇති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රියාකරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ “විපක්ෂයේ ආසයි බයයි අයට එන්න කිවුවට එයාලා ඇවිත් බාරගත්තෙ නෑ.අපි හරි බාර අරගෙන වැඩ කටයුතු ටික කරන්න ඕනි රටේ ජනතාව වෙනුවෙන්” යනුවෙනි.