නව පොලිස්පති පත් කිරීම ලබන 24න් පසුව

මෙරට නව පොලිස්පතිවරයා පත් කිරීම ලබන 24 වෙනිදායින් පසු සිදු කිරීමට නියමිතයි.

පොලිස්පති ධුරය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර, එය දැනට අර්බුදයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගු ලබාදීම හේතුවෙන්.

වර්තමාන පොලිස්පති ධුරය හොබවන සී.ඩී වික්‍රමරත්න මේ වන විට ධුරයේ කටයුතු කරනු ලබන්නේ සිව්වන සේවා දිගුව යටතේයි.

ඔහුගේ අවසන් සේවා දිගුව ලබන 24 වැනිදායින් අවසන් වන්නේ මෙරට 36වන පොලිස්පතිවරයා පත් කළ යුතු පසුබිමකයි.

වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා දිගු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පොලිස්පති ධුරයේ වලංගුභාවය සම්බන්ධයෙන් ද මේ වන විට ප්‍රශ්න සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සේවා දිගුව අවසන් වීමෙන් පසු වත්මන් පොලිස්පති සී.ඩී. ට යළි සේවා දිගුවක් ලබා දෙන්නේ ද, නැද්ද යන්න, සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

පොලිස්පති ධුරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සුදුසුකම් ලබා සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම මීළඟ පොලිස්පති ධුරය සඳහා නම් කිරීම හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අකමැත්ත පළ කිරීම මතයි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගු ලබාදීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ව සලකා බලන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?