AFC Banner
AFC Banner
Empty Ad

නව පාසල් වාරයට කලින් සිසුන්ට නිල ඇඳුම් රෙදි

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව එම නිල ඇඳුම් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමුකරන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

ජනවාරි 27 වනදා නව පාසල් වාරය ආරම්භ වන අතර, ඊට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

පාසල් නිල ඇඳුම් සිසුන් 4,640,086ක් සඳහා ලබාදීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේ.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?