නව ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කේ.බී.කේ.හිරිඹුරේගම පත්වෙයි

ලබන මාර්තු 31 දින සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ජනාධිපතිතුමා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබෙනවා.

කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 24 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවුණා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා වන අයදුම්පත් ද සලකා බලනු ලැබුවා.

මේ අනුව විගණන සේවා කොමිෂන් සභාව සඳහා වන අයදුම්පත් සලකා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට පුද්ගලයන් හතර දෙනෙකු ඒකමතිකව ජනාධිපතිතුමා වෙත නිර්දේශ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා, විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වනවා.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?