Empty Ad
AFC Banner
AFC Banner

නව අධ්‍යයන වර්ෂයේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග අවලංගු වෙයි

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

ලබන වසරේ මාර්තු මාසය අවසානයේ දී 2023 නව අධ්‍යයන වර්ෂය ආර්මභ වීමට නියමිතයි.

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ට පාඩම් අවසානයේ අභ්‍යාස ලබාදී ඒවා වසර අවසානයේ පවත්වනු ලබන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියාසිටියේ ඉදිරියේදී පාසලෙන් පිටවන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව සරසවිවලට ඇතුලත් වීමට හෝ තම කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට ඇතුලත්ව වැඩිදුර අධ්‍යයන අවස්ථා ලබාගැනීමට හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2023 අධ්‍යයන වර්ෂයේදී නිවාඩු අඩු කර වැඩියෙන් අධ්‍යයන කටයුතු සිදු කර දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කරමින් අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ඉතුරුවෙලා තියෙන්නේ ප්‍රශ්න - ලාල් කාන්ත දුන්න කෙටි පිළිතුර
03:35
Video thumbnail
මහින්දගේ ජීවිතයට Risk එකක් නෑ - 60ක් දීලා තියෙන්නේ - ඉස්සරහට 30ට අඩුකරනවා
01:39
Video thumbnail
රිලා ගමක් වූ සමනල වැව
02:19
Video thumbnail
පන්විල නගරට සුරාසැල් උස්සගෙන එන්න හිතන්නවත් එපා මහත්තයෝ
04:15
Video thumbnail
පොහොට්ටු මන්ත්‍රී පැත්ත මාරු කරයි - ජනාධිපතිට අත් දෙකම උත්සලා සහය දෙන්න ලෑස්තියි
03:33
Video thumbnail
හතුරෙක්වත් මෙහෙම අසරණ වෙන්න එපා
02:55
Video thumbnail
කුරුඳු ගොවීන්ට සුබ පණිවුඩයක් - ඔයාලාගේ කුරුඳු චීනයට යවන්නත් වරම්
03:05
Video thumbnail
සිතට දැනෙන දේම කරන්න එපා - නුවනින් විමසා බලන්න
01:11
Video thumbnail
වලියක් වලියක් මාලිමාවයි - පොහොට්ටුවයි ලොකු වලියක්
16:37
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම දේවානන්ද සුරවීර සහ පොජපෙ නීතීඥ මනෝජ් ගමගේ සහභාගීවන කස්තිරම
01:35:58

?