Empty Ad
AFC Banner
Empty Ad

නවසීලන්තයේ ප්‍රබල භූ චලනයක්

නවසීලන්තයේ වෙලින්ටන් නුවර ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.0ක් ලෙසටයි.

භූමිකම්පාව තත්පර 30ක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට Paraparaumu සිට කිලෝමීටර 50ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 48ක් ගැඹුරින් සිදු වූ බව සඳහන්.

ඕක්ලන්ඩ් මෙන්ම ක්‍රයිස්ට්චර්ච් ඇතුලු උතුරු සහ දකුණු දූපත් දෙකෙහිම පුද්ගලයින් 70,000කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනුණු බව වාර්තා වනවා.

කෙසේවෙතත් මෙමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය දැනුම්දී ඇත්තේ.

මෙම ප්‍රධාන කම්පනයෙන් පසු, රිච්ටර් මාපක 4.0ක භූමිකම්පාවක් ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වෙලින්ටන් ප්‍රදේශයේ හදිසි කළමනාකරණ කාර්යාලය පැවසුවේ මෙවැනි පසු කම්පන අපේක්ෂා කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
02:27:14
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30
Video thumbnail
IOC ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
06:07
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19

?