නවක සෞඛ්‍ය වෘත්තිකයන් 309ක් සුව සේවාවට එක්වෙයි

නවක හෙද හෙදියන් 294 දෙනෙකු සහ වාග් චිකිත්සක නිලධාරීන් 09 දෙනෙක් මෙන්ම ඖෂධවේදීන් 06 දෙනෙක් සෞඛ්‍ය සේවාවට ඇතුළත්කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (10) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් වනවා.

වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්ව විද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂවේදී උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත් වී අවශ්‍යවන සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් වන අතර තුන්වන ශ්‍රේණියේ ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍යවන අනෙකුත් සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් බවට වර්තාවනවා.

ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රමුඛ කරගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා ලබන 15 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම නවක නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වීම් ලබා දීමෙන් අනතුරුව අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව ඉලක්ක සහගතව මෙහෙයවන බවත්, මේ දිනවල මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත් අවධාරණයකර සිටියා.

ඒ අනුව ඉදිරි වසර දහයට සරිලන පරිදි සියලු අංශ ආවරණයවන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත සකස් කරන බව ද සඳහන් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28