නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට කූඨ ෆැක්ස් පණිවිඩ යැවූ අය රිමාන්ඩ්

නඩු හතක වරදකරුවෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබු විදෙස් ගමන් තහනමක් ඉවත් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් පණිවුඩයක් යවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර අත්අඩංගුවට ගත් එම අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය මෙම 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මීට පෙර අධිකරණයෙන් නියෝග කෙරුණේ.

සැකකාරියගෙන් ලබාගත් ප්‍රකාශ අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඊයේ (17) අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41