AFC Banner
Empty Ad
Empty Ad

නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගිහින්

දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

එම මධ්‍යස්ථානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකය සඳහන් කළේ, නගර රැසක වායු ගුණාත්මක භාවය ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 100ත් 150ත් අතර අගයක සටහන් වන බවයි.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලබන මාර්තු මාසය දක්වා මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව ද ඔවුන් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?