“දේශීය පයිනස් දැව අලෙවි ප්‍රවර්ධනය” යනුවෙන් 2023 දෙසැම්බර් මස 12 වන දින පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද කාරක සභා වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ සලකා බැලීම එම කාරක සභාවේ දී සිදු වුණා.
මේ පිළිබඳ සලකා බැලුනේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) වනදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදියී.
මෙම රැස්වීම සඳහා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, පරිසර අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව සහ පයිනස් ආනයන අපනයන සමාගම් යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වුණා.
එසේම මෙම කාරක සභාව සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද සහාගී වුණු අතර කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ, වාර්ෂිකව ඩොලර් මිලියන 05ක පයිනස් ඉරන ලද දැව සහ සිවිලිම් දැව වශයෙන් ෆයිනස් දැව මෙරටට ආනයනය කරන බවත්, මේ හේතුවෙන් දේශීය දැව මෝල් ක්‍රියාකාරීත්වය අවම වන බවත් මේ හේතුවෙන් දැනට මෙරට පවතින වාණිජ වන වගාවේ ගස් කිසිවෙකුත් මිලට නොගන්නා බවත් ය.
ඒ අනුව, මෙම වාර්තාවේ පෙන්වා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් මෙරට පවතින පයිනස් දැව රක්ෂිතය උපයෝගී කරගෙන මෙම ගැටලු සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයි.
මෙහි දී කාරක සභාවට පැමිණ සිටි දැව සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති පවසා සිටියේ, පයිනස් දැව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සෑදීම වැදගත් වන බවයි.
මේ අනුව දීර්ඝ වශයෙන් ඒ ඒ පාර්ශව වල අදහස් ලබාගැනීම සහ මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව විමසා බැලීම සිදු වූ අතර මෙහි දී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යතුමිය පෙන්වා දුන්නේ, මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පවැත්වීම සුදුසු බවයි.
ඒ අනුව, අවසාන වශයෙන් දැනට වෙළඳපලේ පවතින ෆයිනස් දැව හිඟයට පිළියමක් ලෙස සතියක් ඇතුළත දැනට අනුමතව පවතින පයිනස් දැව ටෙන්ඩරය නිකුත් කිරීමට කටයුතු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ෆයිනස් දැව හෙලීම සම්බන්ධයෙන් එකඟ වු සැලසුමකට අනුව කටයුතු කිරීම, පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදය සඳහා යොමු කිරීම, වෙළඳපළට නිකුත් කරන ෆයිනස් දැව ප්‍රමාණය වැඩි කිරීම තුළින් ව්‍යාපාරිකයාට අඩු මුදලකට පයිනස් දැව අඛණ්ඩව සැපයීමට හැකිවන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ රාජ්‍ය දැව සංස්ථාව විසින් දැව ටෙන්ඩර් ලබා දීමේ දී විවෘතව ටෙන්ඩර් කැඳවීම යන නිර්දේශයන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයට කාරක සභාව විසින් ලබා දෙනු ලැබුවා.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව ජයන්ත කැටගොඩ,තුෂාර ඉඳුනිල් අමරසේන සහ තිලක් රාජපක්ෂ යන අය ද සහභාගී වුණා.