දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට මැයි මස 19 වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

‘පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.

අදාළ කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉදිරි විමර්ශන සඳහා මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම්දුම් පළමු අවස්ථාව මෙය වනවා.

මෙම විමර්ශන වෙනුවෙන් අදාළ කමිටුව මේ වනවිට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?