දෙවිනුවර ආපනශාලාවක් ඉදිරිපිට වෙඩි තැබීමක්

දෙවිනුවර, සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ රාත්‍රී 8.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වැඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියට වෙඩි තැබීම සිදු වූ හෝටලය ඉදිරිපිට තිබී තිබී ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 03ක් සහ හිස් කොපුවක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?