AFC Banner
AFC Banner
Empty Ad

දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව රැස්වෙයි – අද රාත්‍රිය තෙක් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයකුත් (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාවේ දී ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ ව පැවැත්වෙන පළමු සභා වාරයේ දෙවන දිනය අද (04) යි.

ඊයේ (03) පෙරවරු 9.30ට එම විවාදයේ පළමු දිනය ආරම්භ වුණා.

ඊයේ පස්වරු 5.45 පමණ වන තෙක් පැවැත්වුණු පාර්ලිමේන්තු පළමු සභා වාරයේ පළමු දිනය සභා නායක බිමල් රත්නායක මහතා විසින් කල් තබනු ලැබුවා.

ඒ අද පෙරවරු 9.30 දක්වා යි.

එසේ කල් තැබුණු පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට මීට ටික වේලාවකට පෙර ආරම්භ කෙරුණා.

මේ අතර ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විශේෂ විවාදයක් ද අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තීන්දුව කතානායක ආචාර්‍ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී ගනු ලැබුවා.

මේ අනුව පෙර තීරණය කළ පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්
කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය අද පෙ.ව 9.30 සිට ප.ව
5.00 දක්වා පැවැත්වෙන අතර ඉන් පසුව ඊට නියමිත ඡන්ද විමසීම පස්වරු 05ට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?