පෞද්ගලික බස් රථයක් බණ්ඩාරවෙල – බදුල්ල මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී පෙරළීයාමෙන් අද (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර හා බදුල්ල යන රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 25 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
+1
4
+1
17
+1
3
+1
3