AFC Banner
Empty Ad
Empty Ad

දෙමටගොඩ ආපනශාලාවක් තුළ කාන්තා ඝාතනයක්

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපනශාලාවක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ පසුගිය 29 වනදා රාත්‍රියේ අදාල කාන්තාව ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක් වූ කාන්තාව දෙමටඩගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය තැනැත්තියක් බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව කාන්තාව සතුව තිබූ රන්මාල 03ක්, රන්මුදු 03ක්, ජංගම දුරකථන 02ක් ද කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ 48 හැවිරිදි කොළඹ – මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

අදාල කාන්තාව සිය දස හැවිරිදි පුත්‍රයා සමඟ නිදා සිටියදී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාව පවත්වාගෙන ගිය ආපන ශාලාවේ සේවය කළ සේවකයින් තිදෙනෙක් එම සිදුවීමෙන් පසුව අතුරුදන්ව ඇති බව ද පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?