දෙමටගොඩ චමින්ද විත්ති කූඩුවේ සිටියදී එකවර විදුලිය බිඳ වැටී උසාවියම කළුවර වීමේ සිද්ධියක්

බොරැල්ලේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි නායක “දෙමටගොඩ චමින්ද” ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විමසීම අද (27) අවසන් වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාව යටතේ බන්ධනාගාරය විසින් චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, සුමුදු දුෂ්මන්ත සහ සමීර සාරංග යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී පළමු චූදිත සරත් බණ්ඩාරගේ නීතිඥයා සිය සේවාදායකයා විත්ති කූඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට අදහස් කරන බව දැන්වූවා.

අනතුරුව විත්තිකරු කූඩුවට පිවිස ප්‍රකාශය කිරීමට ආරම්භ කළ අවස්ථාවේ අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වූයෙන් අඳුරු තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

ඒ වන විටත් අධිකරණ ශාලාව තුළ රැඳී සිටි බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් ක්ෂණිකව විත්ති කූඩුව අසලට ගොස් ආරක්ෂක විධි විධාන තර කළ බව ද වාර්තා වනවා.

අධිකරණ ශාලාවේ දොරටු විවෘත කර නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ මිනිත්තු කිහිපයකට පසු විදුලිය ලැබුණු බවත් අධිකරණ වාර්තාකරු පැවසුවා.

මේ ආකාරයට විත්තිකරුගේ ප්‍රකාශය කරගෙන යන අතර අවස්ථා දෙකක දී විදුලිය විසන්ධි වීමත් කැපී පෙනෙනවා.

2014 වසරේ අගෝස්තු මස 01 වනදා බොරැල්ලේ දී එච්. දුමින්ද හෙවත් චානක නමැත්තකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් පාතාල කල්ලි නායකයකු බව කියන දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, සුමුදු දුෂ්මන්ත සහ සමීර සාරංග ඇතුළු තැනැත්තන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙනුයි දෙමටගොඩ චමින්දට මරණ දඬුවම නියම ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?