දෙකෝටි පනස් ලක්ෂයක කුෂ් මෙරටට ගෙනා විදෙස් ජාතික යුවලක් අල්ලයි

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක්, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ඉන්දීය ජාතික විවාහක යුවළක් බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා 32 හැවිරිදි අයෙක් වන අතර බිරිඳ 29 හැවිරිදි අයෙක්.

ඔවුන් ඩුබායි සහ ඉන්දියාව අතර ව්‍යපාරික කටයුතුවල නිරත වී සිටින්නන් බව රේගු නිලධාරීන් මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් මෙරටට ගෙන ආ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 400ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය, පිටතට එහි ගන්ධය නොපැතිරෙන ආකාරයට පොලිතීන් ආවරණ යොදා ඇසුරුම් කර, ඒවා ලී පෙට්ටි තුළ අසුරා, ඒ මත රෙදි ආවරණයක් සිදු කර, ඒවා මත මත්ද්‍රව්‍ය ඉවකර හඳුනා ගන්නා සුනඛයන් නොමග යැවීම සඳහා කපුරු කුඩුකර ආලේප කර තිබියදී සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම්, ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු දෙකෙහි, දෙපස ඉතා සූක්ෂ්ම ලෙස ගම් යොදා අලවා, යළිත් ඇණ ගසා, තවදුරටත් ගමන් මළු තුළ සොයාගත නොහැකි වන ආකාරයට සකස් කර තිබී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන අද (17) දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , තිබුණා.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09