AFC Banner
Empty Ad
Empty Ad

දුරකතනය නිසා තරුණ ජිවිත දෙකක් අහිමි වෙයි

දුරකතනයෙන් කතා කරමින් දුම්රිය මාර් ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු වදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරු 5.45 ට පමණ දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටී කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස්.ඒ.තිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයින් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම සදහා අද උදෑසන ම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ ජංගම දුරකථනයකින් කතා කරමින් ඔවුන් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ

අනතුරෙන් පසු මිය ගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
7
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?