AFC Banner
Empty Ad
Empty Ad

දිළිඳු වැඩිහිටි ප්‍රජාව මැලේසියානු රජයට මුහුණ දීමට සිදුවන බරපතල ගැටළුවක්

දිළිඳු බවින් පෙලෙන්නාවූ වැඩිහිටි ප්‍රජාව මැලේසියානු රජයට මුහුණ දීමට සිදුවන බරපතල අනාගත ගැටළුවක් බව එරට රජයේ ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ රටට බලපෑ කොවිඩ් උවදුර හේතුවෙන් මතුවූ මුල්‍ය අපහසුතාවන් මගහරවා ගැනීමට එම පිරිස තමන් ඉතිරි කරගෙන තිබු විශ්‍රාම වැටුපෙන් සහ සේවක අර්ථසාධක තැන්පතුවලින් මුදල් විටින් විට ආපසු ගැනීමයි.

එම ඉතිරි කිරීම් සියල්ලම ආපසු ලබාගත් වැඩිහිටි පුද්ගලයන් හට මින් ඉදිරියට දිවි ගෙවීමට සිදු වන්නේ තමන් මාසිකව ලබනා විශ්‍රාමික වැටුපෙන් පමණක් බවත් එම වැටුප ඔවුන්ගේ මාසික වියදමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන්.

සේවක අර්ථසාධක ඉතිරිය සහ කොටස් වශයෙන් ඉතිරි කර තිබු මුදල එරට සමස්ත වැඩිහිටි ප්‍රජාවගෙන් 81%ක් කොවිඩ් උවදුර සමයේදී ආපසු ගෙන තිබුනා.

එය මැලේසියානු මුදලින් රිංගිට් බිලියන 145ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 33 ක් අඩු වැටුප්,ආයු කාලය දීර්ඝ වීම මෙන්ම අධික ණය බර හේතුවෙන් බහුතරයක් විශ්‍රාම ගතයුතු කාලය කෙරෙහි බියකින් පසුවනවා.දිළිඳුබවින් පෙළෙන වැඩිහිටියන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඔවුන් සන්තකයේ නොමැතිවීම රජයට මුහුණ දීමට සිදුවන බරපතල ගැටළුවක් බව මැලේසියානු මුදල් අමාත්‍ය හා අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රහිම් අද ප්‍රකාශ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?