දිළිඳු බව තුරන් කිරීමට ඉදිරිපත් කළ ප්‍රජා ශක්ති වැඩසටහනට කැබිනට් අනුමැතිය

දිළිඳු බව තුරන් කිරීම සඳහා බහුවිධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීම

වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බව හෙළි ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් මගින් ලැබී ඇති අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සෑහිමට පත්ව නොමැති බව ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන අදහස් දැක්වීම් මගින් පෙනී යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩසටහන් මගින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වසර 2000 වන විට ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10ක් වී ඇති අතර, 2010 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.57ක් දක්වා වැඩි වී තිබෙනවා.

2024 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබෙනවා.

මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බැවින්, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලැසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි නිරීක්ෂණය වන්නේ.

ඒ අනුව, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව ‘පොහොසත් රටක් – සුරක්ෂිත ජීවිතයක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09