Indian Premier League

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ

රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර
සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන බවත් සුළඟේ වේගය පැ.කි.මී. 20-30 අතර අගයක් ගනු ඇති.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?