දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ, වියළි කාලගුණයක් පැවති ප්‍රදේශවලට මේ මස 28, 29 සහ ලබන මාසයේ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි.
මේ අතර එල්නිනෝ තත්ත්වය ප්‍රබල වෙමින් පවතින බවත් එළඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාසවල වර්ෂාපතනයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි ඔහු සඳහන් කළා.













