දියණිය කෙළෙසූ පියා අඹන්පොල පොලිස් අත්අඩංගුවට

බාල වයස්කාර තම දියණියට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹන්පොල – කුකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන අයෙක් වන අතර, පසුගිය 11 වනදා දිවා කාලයේ දී නිවස තුළ දී තම පියා තමන්ට ලිංගික අතවර කළ බව 15 හැවිරිදි දියණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ලිංගික අතවරයට පත් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අඹන්පොල ප්‍රාදේශීය රෝහලට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
4
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?