AFC Banner
Empty Ad
Empty Ad

දියණියගේ පෙමට එරෙහි වූ පොලිස් මව පෙම්වතාට පහරදීලා (වීඩියෝ)

පාසල නිමවී නිවස වෙත යමින් සිටි සිසුවෙකු පැහැරගෙන ගොස් තර්ජනය කර පහරදීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන ආරම්භ වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුවා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තම දියණිය සමග පවතින ප්‍රේම සම්බන්ධතාවය නතර කරන ලෙස තර්ජනය කර මෙම සිසුවාට පහරදී ඇත්තේ අදාළ දැරියගේ මව විසින් බවට හෙළිවී තිබෙනවා.

කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගිය 20 වනදා පාසල නිමවී නිවසට යමින් සිටියදී පොලිස් කාන්තාවක් ඇතුළු පිරිසක් පැමිණ මෙම සිසුවාගේ පියා හමු වීමට යන බව පවසමින් සිසුවා රවටා ගෙන කඹුරුපිටිය පරණ බස් නැවතුම් පොළ මංසන්ධිය දක්වා රැගෙන ගොස් තිබුණා.

එතැන් සිට මෝටර් රථයක නංවාගෙන කඹුරුපිටිය සතොස අසල පිහිටි අතුරු මාර්ගයකට ගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙසට තර්ජනය කර පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමෙන් පසුව වයස අවුරුදු 15ක් වන පාසල් සිසුවා කඹුරුපිටිය සතොස ආයතනය අසල දමා ගොස් තිබෙනවා.

පසුව සිසුවාගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධව කඹුරුපිටිය පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු දෙපාර්ශවයම කැඳවා විමර්ශනයක් සිදු කර සිද්ධිය සමතයකට පත්කර ගැනීම සඳහා පොලිස් කාන්තාව විසින් රුපියල් දස දහසක මුදලක් ලබාදුන් බව ද සිසුවාගේ පියා පවසනවා.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පොලිස් කාන්තාව කඹුරුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක් බව ද සඳහන්.

මෙම පොලිස් කාන්තාව මීට පෙර අවස්ථාවකදී ද ප්‍රහාරයට ලක් වූ සිසුවාගේ පියාට අයත් ව්‍යාපාරික ස්ථානයට ගොස් චෝදනා කරමින් තර්ජනය කළ බවට ද හෙළිවී තිබෙනවා.

මෙම සිසුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔහු කඹුරුපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සිසුවාගේ පියා සඳහන් කළා.

මෙම සිදුවීමසම්බන්ධයෙන් මාතර සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=tCzvXW8GG2Q
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?