දින පහේ ටෙස්ට් තරග දින හතරට අඩු කිරීමේ තීරණයක්

දින හතරක ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවදානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව 2027-29 ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ කුඩා කණ්ඩායම් සඳහා දින හතරක ටෙස්ට් තරඟ අනුමත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානමක් ඇති බවයි අයි.සී.සී. සභාපති ජේ ෂා පවසා ඇත්තේ.

කුඩා කණ්ඩායම් සඳහා වැඩි ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට මෙම තීරණය උපකාරී වනු ඇති බවයි පසුගිය සතියේ ලෝඩ්ස් හි අවසන් වූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේදී පැවති සාකච්ඡා අතරතුර ජේ ෂා පවසා ඇත්තේ.

මෙහිදී අළු බඳුන, බෝඩර්-ගවස්කාර් කුසලානය සහ අලුතින් නම් කරන ලද ඇන්ඩර්සන්-ටෙන්ඩුල්කාර් කුසලානය සඳහා දින පහක ටෙස්ට් තරඟ පහකින් යුත් තරඟ මාලාවක් සැලසුම් කිරීමට එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවට අවසර දෙන බව සඳහන්.

කෙසේ වෙතත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට තවමත් සාම්ප්‍රදායික පස්දින තරඟ ක්‍රීඩා කළ හැකි බවයි විදෙස් ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.

මේ අතර, 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය පස්දින තරඟවල පවතින ආකෘතිය යටතේ දිගටම පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.

2025-27 චක්‍රය යටතේ රටවල් නවයක් තරඟ කරන අතර, පැවැත්වෙන ටෙස්ට් තරඟාවලි 27න් 17ක් තරඟ දෙකකින් පමණක් සමන්විත තරගාවලි වන අතර, තරඟ තුනකින් යුත් තරඟාවලි හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලි 06ක් 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්ව තිබෙනවා.

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග සටහන පහතින්.

WhatsApp Image 2025 06 17 at 10.31.07 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
10
+1
0
+1
0
+1
1
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?