දින පහේ ටෙස්ට් තරග දින හතරට අඩු කිරීමේ තීරණයක්

දින හතරක ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවදානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව 2027-29 ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ කුඩා කණ්ඩායම් සඳහා දින හතරක ටෙස්ට් තරඟ අනුමත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානමක් ඇති බවයි අයි.සී.සී. සභාපති ජේ ෂා පවසා ඇත්තේ.

කුඩා කණ්ඩායම් සඳහා වැඩි ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට මෙම තීරණය උපකාරී වනු ඇති බවයි පසුගිය සතියේ ලෝඩ්ස් හි අවසන් වූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේදී පැවති සාකච්ඡා අතරතුර ජේ ෂා පවසා ඇත්තේ.

මෙහිදී අළු බඳුන, බෝඩර්-ගවස්කාර් කුසලානය සහ අලුතින් නම් කරන ලද ඇන්ඩර්සන්-ටෙන්ඩුල්කාර් කුසලානය සඳහා දින පහක ටෙස්ට් තරඟ පහකින් යුත් තරඟ මාලාවක් සැලසුම් කිරීමට එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවට අවසර දෙන බව සඳහන්.

කෙසේ වෙතත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට තවමත් සාම්ප්‍රදායික පස්දින තරඟ ක්‍රීඩා කළ හැකි බවයි විදෙස් ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.

මේ අතර, 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය පස්දින තරඟවල පවතින ආකෘතිය යටතේ දිගටම පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.

2025-27 චක්‍රය යටතේ රටවල් නවයක් තරඟ කරන අතර, පැවැත්වෙන ටෙස්ට් තරඟාවලි 27න් 17ක් තරඟ දෙකකින් පමණක් සමන්විත තරගාවලි වන අතර, තරඟ තුනකින් යුත් තරඟාවලි හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලි 06ක් 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්ව තිබෙනවා.

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග සටහන පහතින්.

WhatsApp Image 2025 06 17 at 10.31.07 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
10
+1
0
+1
0
+1
1
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12