spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනකට ආනයනය කරන බහාලුම් ප්‍රමාණය 700 සිට දහස දක්වා අනපේක්ෂිත ලෙස ඉහළට (වීඩියෝ)

දෛනිකව ආනයනය කෙරෙන 700ක පමණ බහාලුම් ප්‍රමාණය දිනක් තුළ දහස ඉක්මවා ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙලෙස බහාලුම් ප්‍රමාණය ඉහළ යාම වැට් බදු වැඩිවීමේ වාසිය අයුතු ලෙස හිමිකර ගැනීමට ආනයනකරුවන් හිතාමතා සිදුකළ ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ආනයනකරුවන්ගේ උපක්‍රමය වී ඇත්තේ වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවෙන ජනවාරි මස පළමු වනදාට පෙර මෙම භාණ්ඩ නිෂ්කාශන කටයුතු අවසන් කර ඒවා අලෙවි කිරීමේ දී වැට් සහිතව ආනයනය කළ භාණ්ඩ ලෙස ඉහළ මිලකට අලෙවි කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්ධන, ගෑස්, රසායනික පොහොර වැනි දෑ වැට් බද්දට යටත් කළ ද වරාය හා ගුවන්තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ගත් තීරණය හේතුවෙන් අහිමි වන ආදායම තුලනය කිරීම සඳහා මධ්‍යසාර වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල ඉහළ යන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?