දිට්වා නිසා නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමි කිරීමට ජනපතිගේ උපදෙස්

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලු ජනාධිපතිවරයා මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (12) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලු ජනාධිපතිවරයා අර්ධ හානි නිවාස සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් වෙන් වෙන්ව විමසා බැලුවා.

ආපදා තත්ත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 12,169කට අර්ධ හානි සිදුව තිබෙන අතර නැවත පදිංචි කළ යුතු අධිඅවදානම් අර්ධ හානි 1583ක්, ගෙවීම් ගැටලු සහිත අර්ධ හානි 2304ක් සහ NBRI පරික්ෂා කළ යුතු සහ වාර්තා ලැබිය යුතු නිවාස 3795ක් පවතිනවා.

ඒ අනුව දැනට නිශ්චිත ගෙවීම් සිදු කළ හැකි නිවාස ප්‍රමාණය 4488ක් වන අතර එයින්, 3038ක ප්‍රමාණයක් වෙනුවෙන් මේ වන විට ගෙවීම් සිදු කර තිබෙන බව නිලධාරීන් පෙන්වා දුන්හ. ඉතිරි නිවාස සඳහාද ගෙවීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නා.

එමෙන්ම, අධිඅවදානම් කලාපවලට අයත් වීම හේතුවෙන් වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු පවුල් වෙනුවෙන් ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අධිඅවදානම් කලාපවල, ජනතාව පදිංචි වීම වැළැක්වීම රජයේ වගකීම බවත්, ඊට අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

පෞද්ගලික වතුවල ජීවත් වන නැවත පදිංචි කළ යුතු වතු ජනතාවට සහන සැලසීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කළ අතර නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා වුණා.

තනි නිවාස නොවන නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ප්‍රතිපාදන ලබා දීම මෙන්ම අර්ධ නිවාස හානි සඳහා ගෙවීම් සිදු කළ නොහැකි නිවාස ඉදිරියෙන් ඇති භූමිය ස්ථාවරව තබා ගැනීම සඳහා පැති බැමි සකස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

ව්‍යාපාර හානි ගෙවීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විචලනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මිල විචලනය පිළිබඳ මතුව ඇති ගැටලුවට ලබන සතිය තුළ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසා සිටියා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ තනුර දිසානායක, ජගත් මනුවර්ණ, ඊ.එම් බස්නායක, රියාස් ෆාරුක් ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මහනුවර නගරාධිපති, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු මහජන නියෝජිතයෝද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින්ද, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34