වෙසක් සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත කරන්න එපා – මධ්‍යම පරිසර අධිකාරිය

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙසක් සමයේ වෙසක් පහන්කූඩු ඇතුළු විවිධ සැරසිලි සඳහා ද විනෝදාස්වාදය සඳහා භාවිත කරන විවිධ මෙවලම් සඳහා ද දන්සැල් වැනි පුණ්‍ය ක්‍රියා සිදුකිරීමේ දී ද පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් නිර්මිත ද්‍රව්‍ය භාවිත කරනු නිරීක්ෂණය වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

දන්සැල් සංවිධාන කිරීමේ දී පොලිතීන් ලන්ච්ෂීට්, තනි භාවිත කෝප්ප, පිඟන්, හැදි, ගෑරුප්පු සහ කලතන ආදී ද්‍රව්‍යය ද පොලිතීන් ඉටිකොළ ද භාවිත කරනු දැක ගත හැකි බව එම අධිකාරිය පවසනවා.

.2341/30 දරන 2023 ජූලි මස 19 වැනි දිනැති ගැසට් පත්‍රය මගින් පුළුල් කරන ලද පොලිස්ටියරින් ආහාර බහාලුම්/පෙට්ටි, ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි, කලතන සහ ප්ලාස්ටික් මල්මාලා යන තනි භාවිත අයිතම ඇතුළු තවත් තනි භාවිත අයිතම ගණනාවක් ද 2034/34 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි දිනැති ගැසට් පත්‍රයට අනුව පොලිතීන් ආහාර දවටන එනම් පොලිතීන් ලන්ච්ෂීට් ද විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇති අතර නීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.

එලෙසම, අංක 2034/37 දරණ 2017 සැප්තැම්බර් මස 01 වැනි දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින් හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර නීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

මෙලෙස, විවිධ පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කර ඇත්තේ මිනිසුන් සහ සතුන් ඇතුළු මුළුමහත් පරිසරය ම රැකගැනීමේ අරමුණ ඇතිවයි.

පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට අක්‍රමවත්ව බැහැර කිරීම මගින් ඇළ, දොළ, ගංගා, සාගර ඇතුළු ජල දේහ අපවිත්‍රවීම; පොලිතීන් සහ ප්ලාස්ටික් කසළ ආහාරයට ගැනීම මගින් හෝ ශරීරයේ විවිධ කොටස්වල රැදීමෙන්, ඇමිනීමෙන් හෝ ඇනීමෙන් සතුන්ට හානි පැමිණීම; මයික්‍රො ප්ලාස්ටික් පරිසරයට එක්වීම මඟින් ආහාර සහ ජලය, ඔස්සේ හෝ ස්වසනයේ දී ශරීරගතවීමෙන් හෝ මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවට විවිධ සෞඛ්‍ය සංකූලතා ඇතිවීම; පොලිතීන් සහ ප්ලාස්ටික් කසළ විවෘත පරිසරයේ දහනය මගින් විෂ වායු පරිසරයට එක්වී සෞඛ්‍ය සංකූලතා ඇතිවීම ඇතුළු බොහෝ ගැටලු ඇතිවනවා.

තවද, ප්ලාස්ටික් සහ පොලිතීන් කසළ මගින් ජෛව විවිධත්වයට මෙන් ම පරිසරයේ සමතුලිත බව පවත්වා ගැනීමට සෘජුව සහ වක්‍රව සෘණාත්මක බලපෑම් ඇති කරනවා.

එබැවින් වගකීමක් කොට සළකා හැකි සෑම අවස්ථාවක දී ම පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් කටයුතු කිරීම ඉතා වැදගත්.

සියලු සත්ත්වයන්ගේ සුව සෙත පිණිසම කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් සමයේ, මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයට හානි සිදු නොකරමින්, පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් නිර්මිත අයිතම භාවිත කිරීමෙන් වැළකී ඒ සඳහා පරිසර හිතකාමී විකල්ප භාවිත කරන ලෙසත් යම් හෙයකින් පොලිතීන් සහ ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුවහොත් ඒවා නිසි ලෙස බැහැර කරන ලෙසත් පරිසර හිතකාමී ලෙස වෙසක් උත්සවයේ සැමරුම් කටයුතු සිදුකරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

  1. පොලිතීන් හා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ආනයනය තහනම් කරමු. ලංකාවේ අමුද්‍රව්‍ය හා ඇසුරුම් කර්මාන්තය දියුණු හා පරිසර හිතකාමී වන්නේ එවිටය. කෙටිකාලීන දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් දුගී භාවය දුරු වී හා ජනතා සෞඛ්‍ය ආරක්ෂිත වනු ඇත .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36