මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳුවීම සඳහා මෙතෙක් කල් පැවති රන් ආලේපිත කරඬුව වෙනුවට සම්පුර්ණයෙන්ම රත්තරනින් නිමකරන ලද කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස දළඳා මාලිගාව වෙත පූජා කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්.ජී. සේනාරත්න පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, පසුගිය 08 වනදා මෙම රන් කරඬුව පූජා කිරීම සිදු වූ බවයි.
මෙම අවස්ථාව වෙනුවෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ තමන් ද මෙම අවස්ථාවට සහභගී වූ බවයි ඔහු සඳහන් කළේ.
ඒ, අනුව අභිනවයෙන් පූජා කරන ලෙස රන් කරඬුව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අවශේෂ පූජා භාණ්ඩ තැන්පත් කිරීමට කටයුතුනරන බවට මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා කරුණු පැහැදිලි කළ බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
එමෙන්ම පැරණි රන් ආලේපිත කරඬුව ද දළඳා මාලිගාවේ සුවිශේෂී ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට, මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයාගේ අත්සනින් යුක්තව ලිඛිතව තමන්ව දැනුම්වත් කර ඇති බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.













