දකුණු ආසියානු රටවල ධනවත්ම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව එළියට

ඩුබායි කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම පුවත් ආයතනයක් වන ‘ගල්ෆ් නිවුස්’ විසින් 2025 වර්ෂය සඳහා දකුණු ආසියානු රටවල ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපාරික මුකේෂ් අම්බානි දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම්කර ඇති අතර, ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමක් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 118ක් බවයි වාර්තා වන්නේ.

බිලියනපතියෙකු වන ෂාහිඩ් ඛාන් පාකිස්ථානයේ ධනවත්ම පුද්ගලයා ලෙස නම්කර ඇති අතර, ‘ගල්ෆ් නිවුස්’ වාර්තා කරන ආකාරයට ෂාහිඩ් ඛාන්ට හිමි ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 13.5ක්.

එමෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 12ක ශුද්ධ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන මොසා බින් ෂම්ෂර්ට බංග්ලාදේශයේ ධනවත්ම පුද්ගලයා බවයි ‘ගල්ෆ් නිවුස්’ වාර්තා කරන්නේ.

බිනෝද් චෞද්රි ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක ශුද්ධ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන අතර, ඔහු නේපාලයේ ධනවත්ම පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

මේ අතර ඩොලර් බිලියන 1.6ක පමණ ශුද්ධ වත්කමක් ඇති ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම්කර තිබෙනවා.

රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන LOLC හෝල්ඩින්ග්ස් හි නායකත්වය දරන ඉෂාර නානායක්කාර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට ව්‍යාපරික ධම්මික පෙරේරා අභිබවා යමින් ව්‍යාපාරික ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට ද පත්ව සිටින බවයි ‘ගල්ෆ් නිවුස්’ වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
1
+1
18
+1
5
+1
3
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03