දකුණු ආසියානු රටවල ධනවත්ම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව එළියට

ඩුබායි කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම පුවත් ආයතනයක් වන ‘ගල්ෆ් නිවුස්’ විසින් 2025 වර්ෂය සඳහා දකුණු ආසියානු රටවල ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපාරික මුකේෂ් අම්බානි දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම්කර ඇති අතර, ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමක් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 118ක් බවයි වාර්තා වන්නේ.

බිලියනපතියෙකු වන ෂාහිඩ් ඛාන් පාකිස්ථානයේ ධනවත්ම පුද්ගලයා ලෙස නම්කර ඇති අතර, ‘ගල්ෆ් නිවුස්’ වාර්තා කරන ආකාරයට ෂාහිඩ් ඛාන්ට හිමි ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 13.5ක්.

එමෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 12ක ශුද්ධ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන මොසා බින් ෂම්ෂර්ට බංග්ලාදේශයේ ධනවත්ම පුද්ගලයා බවයි ‘ගල්ෆ් නිවුස්’ වාර්තා කරන්නේ.

බිනෝද් චෞද්රි ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක ශුද්ධ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන අතර, ඔහු නේපාලයේ ධනවත්ම පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

මේ අතර ඩොලර් බිලියන 1.6ක පමණ ශුද්ධ වත්කමක් ඇති ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම්කර තිබෙනවා.

රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන LOLC හෝල්ඩින්ග්ස් හි නායකත්වය දරන ඉෂාර නානායක්කාර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට ව්‍යාපරික ධම්මික පෙරේරා අභිබවා යමින් ව්‍යාපාරික ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට ද පත්ව සිටින බවයි ‘ගල්ෆ් නිවුස්’ වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
1
+1
18
+1
5
+1
3
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?