තේ දළු නෙලමින් සිටි කතකට කඳුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක්

තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකට කඳුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (05) පෙරවරු කාලයේ මෙම කාන්තාව තේ වත්තේ දළු නෙලමින් සිටි අවස්ථාවේ දී ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

බගවන්තලාව පොලිස් වසමට අයත් මෝරා වත්තේ දියි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි එම තේ වත්තේ දළු නෙලමින් සිටියදී සුනඛයෙකු දඩයම් කිරීම සඳහා පැමිණි කඳුකර කොටියෙකු සුනඛයා දඩයම් කරන අවස්ථාවේ දී අදාළ කාන්තාව සිටි දෙසට පැන තිබෙනවා.

ඒ සමග එහි වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ගේ කෑගැසීමත් සමග කඳුකර කොටියා 53 හැවිරිදි මෙම කාන්තාවට පහර දී රක්ෂිතයට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබීම හේතුවෙන් ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47