තුර්කියේ රෝහලකට හෙලිකොප්ටරයක් ​​කඩා වැටී දරුණු අනතුරක් (වීඩියෝ)

නිරිතදිග තුර්කියේ රෝහලකට හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද (22) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ නියමුවන් දෙදෙනෙක්, වෛද්‍යවරයෙකු සහ සේවකයෙක් බවයි මුග්ලා පළාත් ආණ්ඩුකාර ඉද්‍රිස් අක්බියික් පවසන්නේ.

හෙලිකොප්ටරය ගුවන් ගතවී මිනිත්තු කිහිපයකට පසු එය රෝහලේ ඉහළ මහලක ගැටී පසුව කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි මීදුමක් පැවති බව ද විදෙස් වාර්තා පවසනවා.

හෙලිකොප්ටරය මුග්ලාගේ රෝහලේ සිට ඇන්ටාලියා නගරයට යෑමට ගුවන් ගත වූ මොහොතේ මෙම අනතුර සිදුව තිබෙනවා.

තුර්කියේ නිරිතදිග ඉස්පාර්ටා පළාතේ හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් සෙබළුන් හය දෙනෙකු මිය ගොස් සති දෙකක් ඇතුළත මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43