ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්ථානය තරග වදින තුන්කොන් එක්දින තරගාවලියේ ශූරයින්ට පිරිනමන
කුසලානය එළිදැක්වීම අද (17) සිදු කෙරුණා.
ඒ, කණ්ඩායම් තුනේ නායකයින්ගේ මූලිකත්වයෙන් රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ දීයි.
මෙම තුන්කොන් තරගාවලිය හෙට (18) රාවල්පිණ්ඩි හිදී ආරම්භ වන අතර, පළමු තරගයේ දී ශ්රී ලංකාව සහ පාකිස්ථාන එකිනෙකා හමුවීමට නියමිතයි.
දෙවන තරගය පාකිස්ථානය සහ එංගලන්තය අතර ලබන 20 වනදා එම ක්රීඩාංගණයේ දීම පැවැත්වෙන අතර, තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය එකිනෙකා හමුවන්නේ ලබන 22 වනදා පැවැත්වෙන තරගයේ දීයි.
ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පෙර පාකිස්ථාන සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස පාරජයට පත් වූ අතර, පසුගිය සැප්තැම්බර් 22,24 සහ 27 යන දිනයන්වල එංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියෙන් ද තරග දෙකට එකක පරාජයක් ශ්රී ලංකාවට හිමි වුණා.
