තුන්කොන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා – පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තයයේ සහභාගීත්වයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

මෙම සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නම්කර නොමැති අතර, ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක ද නම්කර තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණවලින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව ලබා ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව පැතුම්ට මෙම තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවෙනවා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය වන්නේ.

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, එශාන් මාලිංග.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57