තැපැල් ඡන්දය සලකුණු කරන්න නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය ම නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

තැපැළ් ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය නිල ඡන්ද පත්‍රිකා (Paul Card) දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය හා ප්‍රධාන තැපැල් ස්ථාන වෙතින් සැප්තැම්බර් මස 02 වැනි දා සිට බෙදා හැරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අද (26) පස්වරුවේ ඒ මහතා මේ බව සඳහන් කළ අතර; සභාපතිවරයා පැවසුවේ සැප්තැම්බර් මස 02 වැනි දින සිට 14 වැනි දින තෙක් අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මැතිවරණය පැවැත්වීමේ කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් තැපැල් ඡන්ද සඳහා අමතර දිනයක් ලෙස සියලුම තැපැල් ස්ථාන විශේෂ රාජකාරි දිනයක් ලෙස සැප්තැම්බර් මස 08 වැනි ඉරිදා සේවයෙහි නිරත වන බවත්; සැප්තැම්බර් මස 14 වැනිදා වනවිටත් තමන්ට නිල ඡන්ද පත්‍රිකාවක් නොලැබුණහොත්; සැප්තැම්බර් 08 වැනිදා දිනයේ දී ද, සියලුම ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා අවසන් කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ; තමන්ට නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් සිය ප්‍රදේශයේ තැපැල් කාර්‍යාලයට ගොස් එය ලබාගන්නා ලෙසයි.

කෙසේනමුත් සැප්තැම්බර් 04,05 හා 06 යන දින තුනෙහි පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම් කටයුතු සඳහා මෙම නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය ම නොවන අතර; එය තමන් හට නොලැබුණ ද, ළඟම ඇති ඡන්ද මධ්‍යස්ථානයට ගොස් එහි තමන්ගේ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වන්නේ නම්; ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් පවතින බව ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මෙම නිල ඡන්ද පත්‍රිකා ලබාදීමෙන් ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරිවල නිරත වන පිරිසට සිය රාජකාරිය පහසු කරගැනීමට හැකියාවක් ලැබෙන හෙයින් ඒවා නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

එමෙන්ම මැතිවරණ මධ්‍යස්ථාන ආශ්‍රිතව ප්‍රචාරණ කටයුතු සිදු කළ හැකි ආකාරය, නීතිරීති හා උපමාන පිළිබඳ ව සෑම දේශපාලන පක්ෂයක් ම දැනුම්වත් කර ඇති බවත්; පොලිතීන් මෙවර මැතිවරණයේ දී භාවිත නොකරන ලෙසට ද මහජනතාවගෙන් මෙන් ම මැතිවරණ සංවිධායකවරුන්ගෙන් කොමිෂන් සභාව ඉල්ලීමක් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39