AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටෙයි

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද දහවල් මෙම ත්‍රී රෝද රථය ගැටී ඇත්තේ මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේ ගොඩබිම දෙස සිට මුහුදු බඩ දෙසට ත්‍රීරෝද රථය ගමන් කිරිමේදී අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල 4 දෙනෙකු ගමන්කර ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
8
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?