තවත් ජීවිතයක් දුම්රියට බිළිවෙයි

වැල්ලව, නෙළුම්පත්ගම දුම්රිය ස්ථානයට ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (16) රාත්‍රියේ මෙම පුද්ගලයා මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා නෙළුම්පත්ගම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?