AFC Banner
Empty Ad
Empty Ad

තරුණියකට කැත වැඩක් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ඉඳුරුව ප්‍රදේශයේ නිවසක් තුළ දී 27 හැවිරිදි තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව සේවයකරන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර පොලිස් නිලධාරියාගේ අසනීප තත්ත්වයෙන් පසුවන මවට සාත්තු කිරීම සඳහා පැමිණෙන කාන්තාවගේ දියණියව මෙලෙස අපයෝජනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තරුණියගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇත්තේ, නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැතිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමාට විරුද්ධව මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

අතවරයට පත් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
8
+1
3
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?