තර්ස්ටන් විද්‍යාලය දියමන්ති ජුබිලිය සැමරීමට සූදානමින්

එළඹෙන නව වසරේ ජනවාරි මස 11 වැනි දිනට මෙරට සුප්‍රසිද්ධ චරිත බිහි කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 75ක් සම්පූර්ණ වනවා.

දියමන්ති ජුබිලියක් (වජ්‍ර ජයන්ති ජුබිලිය) පෙනෙන මානයේ සිටින කොළඹ තර්ස්ටන්වරුන් 2025 ජනවාරි මස 11 වැනි දිනට යෙදෙන අභිමානවත් තර්ස්ටන් මාතාව සැමරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඊට සමගාමීව අද (12) දහවල් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ද විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙවර සිය තර්ස්ටන් මාතාවගේ අභිමානවත් ජුබිලිය වෙනුවෙන් නිල තේමා ගීතයක් ද පටිගත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඊට අමතර ව පාසලේ නිල ලාංඡනය හා නිල ඇඳුම් නවීකරණය කරමින් එළිදැක්වීම ද මෙහිදී සිදු වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

දැයට සුවහසක් අභිමානයෙන් යුතු දක්ෂ හා විනයවත් පුතුන් බිහි කළ සහ කරමින් සිටින විශිෂ්ට පාසල් මාතාවක් ලෙසයි කොළඹ තර්ස්ටන් විද්‍යාලය පිළිගැනීමට ලක්වන්නේ.

ජනවාරි 31 හා පෙබරවාරි 01 වැනිදා පා ගමනක් සහ සැණකෙළියක් සංවිධානය කර තිබෙනවා.

තර්ස්ටන් අභිමානය විදහා පාමින් මෙම පා ගමන පෙබරවාරි මස 01 වැනි දින පාසලේ ආදි සිසුන්, වත්මන් සිසුන්, ආචාර්‍යය මණ්ඩලය, ආරාධිත පාසල් තූර්යය වාදක කණ්ඩායම් එක්ව සිදු කිරීමට නියමිතයි.

එදින පස්වරු 04ට පාසලෙන් මෙම පා ගමන ‘එක්ව පෙරට’ යන මැයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

මීට අමතරව සැණකෙළිය ජනවාරි 31 හා පෙබරවාරි මස 01 වැනි දින පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54