Empty Ad
Empty Ad
AFC Banner

තර්ස්ටන් විද්‍යාලය දියමන්ති ජුබිලිය සැමරීමට සූදානමින්

එළඹෙන නව වසරේ ජනවාරි මස 11 වැනි දිනට මෙරට සුප්‍රසිද්ධ චරිත බිහි කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 75ක් සම්පූර්ණ වනවා.

දියමන්ති ජුබිලියක් (වජ්‍ර ජයන්ති ජුබිලිය) පෙනෙන මානයේ සිටින කොළඹ තර්ස්ටන්වරුන් 2025 ජනවාරි මස 11 වැනි දිනට යෙදෙන අභිමානවත් තර්ස්ටන් මාතාව සැමරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඊට සමගාමීව අද (12) දහවල් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ද විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙවර සිය තර්ස්ටන් මාතාවගේ අභිමානවත් ජුබිලිය වෙනුවෙන් නිල තේමා ගීතයක් ද පටිගත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඊට අමතර ව පාසලේ නිල ලාංඡනය හා නිල ඇඳුම් නවීකරණය කරමින් එළිදැක්වීම ද මෙහිදී සිදු වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

දැයට සුවහසක් අභිමානයෙන් යුතු දක්ෂ හා විනයවත් පුතුන් බිහි කළ සහ කරමින් සිටින විශිෂ්ට පාසල් මාතාවක් ලෙසයි කොළඹ තර්ස්ටන් විද්‍යාලය පිළිගැනීමට ලක්වන්නේ.

ජනවාරි 31 හා පෙබරවාරි 01 වැනිදා පා ගමනක් සහ සැණකෙළියක් සංවිධානය කර තිබෙනවා.

තර්ස්ටන් අභිමානය විදහා පාමින් මෙම පා ගමන පෙබරවාරි මස 01 වැනි දින පාසලේ ආදි සිසුන්, වත්මන් සිසුන්, ආචාර්‍යය මණ්ඩලය, ආරාධිත පාසල් තූර්යය වාදක කණ්ඩායම් එක්ව සිදු කිරීමට නියමිතයි.

එදින පස්වරු 04ට පාසලෙන් මෙම පා ගමන ‘එක්ව පෙරට’ යන මැයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

මීට අමතරව සැණකෙළිය ජනවාරි 31 හා පෙබරවාරි මස 01 වැනි දින පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?