ඩොලරයට සාපේක්ෂව අදත් රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දිනයේ දී නිකුත් කරනු ලැබූ දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 331.42ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස ද සටහන්ව තිබුණා.

ඊයේ (11) දිනයේ දී මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ විනිමය අනුපාතිකය අනුව අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙසත්, විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙසත් සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්