AFC Banner
Empty Ad
Empty Ad

ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින කිරුළ අත්හරින බවට නිවේදනය කර තිබෙනවා.

නව වසරේ පැවති රූපවාහිනී දේශනයක දී ඇය විසින් මෙම නිව්දනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය ඩෙන්මාර්කයේ රැජින බවට පත් වී වසර 52ක් සපිරෙන ජනවාරි 14 වන දින නිල වශයෙන් එම තනතුරෙන් ඉවත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 83 හැවිරිදි වියේ පසුවන දෙවන මාග්‍රෙත් රැජින 1972 වසරේ දී ඇගේ පියා වන IX ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වුණා.

2023 වසරේ දී මුල් භාගයේ දී ඇයගේ පිටේ සිදුකරන ලද ශල්‍යකර්මයත්, පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ඇය විසින් ගෙන තිබෙනවා.

කිරුළ අත්හරින බවට නිවේදනය කිරීමෙන් පසු දෙවන මාග්‍රෙත් රැජින පැවසුවේ වසර ගණනාවක් පුරා ඩෙන්මාර්ක මහජනතාව දැක් වූ සහයෝගයට තමන් ස්තූතිවන්ත වන බවයි.

මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජින, 2022 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු යුරෝපයේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි තැන්ත්තා වුණේ දෙවන මාග්‍රෙත් රැජිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?