ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින කිරුළ අත්හරින බවට නිවේදනය කර තිබෙනවා.

නව වසරේ පැවති රූපවාහිනී දේශනයක දී ඇය විසින් මෙම නිව්දනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය ඩෙන්මාර්කයේ රැජින බවට පත් වී වසර 52ක් සපිරෙන ජනවාරි 14 වන දින නිල වශයෙන් එම තනතුරෙන් ඉවත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 83 හැවිරිදි වියේ පසුවන දෙවන මාග්‍රෙත් රැජින 1972 වසරේ දී ඇගේ පියා වන IX ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වුණා.

2023 වසරේ දී මුල් භාගයේ දී ඇයගේ පිටේ සිදුකරන ලද ශල්‍යකර්මයත්, පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ඇය විසින් ගෙන තිබෙනවා.

කිරුළ අත්හරින බවට නිවේදනය කිරීමෙන් පසු දෙවන මාග්‍රෙත් රැජින පැවසුවේ වසර ගණනාවක් පුරා ඩෙන්මාර්ක මහජනතාව දැක් වූ සහයෝගයට තමන් ස්තූතිවන්ත වන බවයි.

මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජින, 2022 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු යුරෝපයේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි තැන්ත්තා වුණේ දෙවන මාග්‍රෙත් රැජිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00