AFC Banner
AFC Banner
Empty Ad

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට දින දෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අප්‍රේල් මස 3 සහ 4 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි අද කැදවනු ලැබුවේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා වලට අදාල ලිඛිත දේශන මාර්තු මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය පාර්ශවකරුවන්ට නියම කළා.

ඉන් අනතුරුව පෙත්සම අප්‍රේල් මස 3 සහ 4 යන දිනවල විභාගයට ගන්නා බවයි අධිකරණය නියෝග කළේ.

පෙත්සම්කාර ඔෂල හේරත් මහතා කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එබැවින් නීතියට පටහැනි ආකාරයෙන් ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීති විරෝධී යැයි තීන්දු කර එම තනතුරෙන් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි
Video thumbnail
වීවලට සහතික මිලක් දෙනකොට උඹලට කන්න වෙන්නේ පිදුරු
01:41
Video thumbnail
යකෝ මිනිස්සුන්ට ලුණුයි බතුයි කන්න හරි - ලුණු තියෙන්න ඕනි
03:35
Video thumbnail
77වන නිදහස් දිනයේ සිරකරුවන්ට සතුටු පණිවිඩයක්
02:52
Video thumbnail
කඩවල් වල ලුණු හංගලා - හොයාගන්නත් නෑ - යකෝ මුන්ට රටේ ලුණු ටිකක් හදාගන්න බැයිද ?
06:17
Video thumbnail
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයට හදීසියේ නලින්ද ජයතිස්ස කඩාපනී
01:16
Video thumbnail
හාල් ප්‍රශ්නය නිට්ටාවටම සුව කරනවා - මහලොකු හාල් මොල් කාරයන්ගේ ගෑස් බස්සයි
05:46
Video thumbnail
බලශක්ති ඇමති හදීසියේ ගුවන් තොටුපලට කඩා පනී
02:58
Video thumbnail
හෙට කොළඹට ඇතුළ් වන අයට විශේෂ නිවේදනයක්
01:23
Video thumbnail
මාලිමාවේ වහල්ලු සතුටු කරන්න වැඩ කරන්න එපා
08:26

?