ට්‍රම්ප්ට වංචනික ලෙස ඩොලර් ඉපැයූ චෝදනාවක් – උසාවි ඇවිත් නොසන්සුන් වෙලා

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් වංචා නඩු විභාගයට ඊයේ (02) මුහුණ දී තිබෙනවා.

මෙම නඩු විභාගයට පෙනී සිටීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධ පවුලේ සාමාජිකයන් නිව් යෝර්ක් අධිකරණය හමුවේ පෙනී සිටි නැවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී රජයේ නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළේ සිය දේපළ අලෙවි සමාගම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබා දී වංචනික ලෙස ඩොලර් මිලියන 100ක් පමණ උපයා ඇති බවයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ස්ට එරෙහිව ඩොලර් මිලියන 250ක දඩයක් පනවන ලෙස නීතිපතිවරයා අධිකරණය හමුවේ පවසා ඇති අතර, ඔහුගේ සමාගමට එරෙහිව දේපළ වෙළෙඳාමේ යෙදීම වසර 05ක් තහනම් කළ යුතු බවටත් අධිකරණය හමුවේ කරනු දක්වමින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ පුත්‍රයන් දෙදෙනාට නිව් යෝර්ක් හි ව්‍යාපාරවල යෙදීම තහනම් කළ යුතු බවත් නීතිපතිවරයා අධිකරණය යෝජනා කර සිටියා.

මේ අතර මෙම නඩු විභාගය පැවැත්වෙන අතර වාරයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම උසාවියේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වූ බව සඳහන්.

එහිදී හිටපු ජනාධිපතිවරයා විනිසුරුවරයා “වංචනික විනිශ්චයකරුවෙකු” ලෙස පවසමින් කෑ ගසා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25
Video thumbnail
ප්‍රසාද් ප්‍රසිද්ධියේම ජනපතිට අභියෝග කරයි
10:22
Video thumbnail
චාමර සම්පත් වේදිකාවෙදිම කළ ප්‍රබල හෙළිදරව්ව..ID එක දෙන්න යනවා ඉන්දියාව හරහා..
07:11
Video thumbnail
අනුර කුමාර හරිම ලොන්තයි - හිරුණිකා සැරටම කියයි
08:20
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19