spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රම්ප්ට වංචනික ලෙස ඩොලර් ඉපැයූ චෝදනාවක් – උසාවි ඇවිත් නොසන්සුන් වෙලා

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් වංචා නඩු විභාගයට ඊයේ (02) මුහුණ දී තිබෙනවා.

මෙම නඩු විභාගයට පෙනී සිටීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධ පවුලේ සාමාජිකයන් නිව් යෝර්ක් අධිකරණය හමුවේ පෙනී සිටි නැවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී රජයේ නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළේ සිය දේපළ අලෙවි සමාගම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබා දී වංචනික ලෙස ඩොලර් මිලියන 100ක් පමණ උපයා ඇති බවයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ස්ට එරෙහිව ඩොලර් මිලියන 250ක දඩයක් පනවන ලෙස නීතිපතිවරයා අධිකරණය හමුවේ පවසා ඇති අතර, ඔහුගේ සමාගමට එරෙහිව දේපළ වෙළෙඳාමේ යෙදීම වසර 05ක් තහනම් කළ යුතු බවටත් අධිකරණය හමුවේ කරනු දක්වමින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ පුත්‍රයන් දෙදෙනාට නිව් යෝර්ක් හි ව්‍යාපාරවල යෙදීම තහනම් කළ යුතු බවත් නීතිපතිවරයා අධිකරණය යෝජනා කර සිටියා.

මේ අතර මෙම නඩු විභාගය පැවැත්වෙන අතර වාරයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම උසාවියේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වූ බව සඳහන්.

එහිදී හිටපු ජනාධිපතිවරයා විනිසුරුවරයා “වංචනික විනිශ්චයකරුවෙකු” ලෙස පවසමින් කෑ ගසා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?