බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාවේ’ තුන්වන දිනය අදයි.
අද (12) දිනයේ ‘නිදහසේ පාද යාත්‍රාව’ කෑගල්ල නගරයෙන් ගමන් ආරම්භ කරන අතර, එය අද පස්වරුව වනවිට වරකාපොළ නගරය වෙත පැමිණීමටයි නියමිතව ඇත්තේ.
‘නිදහසේ පාද යාත්‍රාව’ පෙරේදා (10) දිනයේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වූ අතර අතර එය කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව, කඩවත නගර පසු කරමින් ලබන 15 වනදා කොළඹට ළඟාවීමට නියමිතයි.
