Empty Ad
Empty Ad
AFC Banner

ජේ.ශ්‍රී රංගාගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ට එරෙහිව වව්නියාව මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

පෙත්සම්කරු කියා සිටින්නේ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව මහධිකරණය හමුවේ තමාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවයි.

එම නඩුව විභාග කරන විනිසුරුවරයා පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමන්ට අගතිය සිදුවී ඇති බවත් එම නිසා අදාළ නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එහෙත් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනයේ පැතිර ගිය උණ ගැන ඇත්තම විස්තරේ මෙන්න
06:03
Video thumbnail
ජනපති කිව්ව වගේම නොබෝ දිනකින් - විදුලි බිල 1/3ක් අඩුවෙයි ?
11:28
Video thumbnail
Breaking News🛑ඔක්ටේන් 92ක පෙට්‍රල් රටේ නැතිවෙයි ද? මෙන්න ඇත්ත විස්තරේ #breakingnews
09:09
Video thumbnail
ආණ්ඩුව අවා විතරයි පොලුත් නෑ - පොල් තෙලුත් නෑ - යකෝ - රටට වෙච්ච දෙයක්
03:57
Video thumbnail
කංචන විජේසේකරට වැඩ වරදී ? - ඛනිජ තෙල් සංස්ථාව කෙළිමඩුවක් කරගෙන හිටියේ
04:34
Video thumbnail
දූෂිත ඛනිජතෙල් ගණුදෙනු ගැන ආන්දෝලනාත්ම හෙළිදරව්වක්
02:29
Video thumbnail
කතානායකගේ දුව මාධ්‍යට කරපු ප්‍රකාශය ගැන කට ඇරපු ආශු
21:41
Video thumbnail
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස් #npp #anurakumaradissanayake
01:54
Video thumbnail
පාරිබෝගික අධිකාරියට අපි කියනවාමහා පරිමාණ සහල් මෝල් හිමියන්වත් අල්ලන්න කියලා
02:21
Video thumbnail
නාමල් රාජපක්ෂගෙන් කථානායකට සැර පිළිතුරු - "අපි කුහක දේශපාලකයෝ නෙවෙයි "
02:52

?